Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොල් වගාවට හානි කරන සුදු මැස්සන් යළිත්

පොල් වගාවට හානි කරන සුදු මැස්සන් යළිත්

පොල් වගාවට හානි කරන සුදු මැස්සන් යළිත්

රට තුළ පවත්නා වියළි කාලගුණික තත්ත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරීක්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරික්ෂණයට ලක් කර ඇති අතර එහිදී දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම යන ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

ඒ අනුව පරීක්ෂිත ස්ථානවල විශේෂයෙන් පෙර පරිදිම පළමුව තැඹිලි සහ පොල් ගස්වලත්, සුදු මැස්සාගේ හානිය නැවත පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් සුදුමැස්සාගේ රෝගය පවතින්නේද යන්න සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම වාර්තා වී ඇති බැවින් එම තත්ත්වය සම්බන්ධව පොල් වගාකරුවන් වහාම දැනුම්වත් කර සුදු මැස්සා මර්දනය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ දැනට ප්‍රාදේශීය කාර්යාල සතුව පවතින කොහොඹ තෙල් පොල් සංවර්ධන නිලධාරින් හරහා වගාකරුවන් වෙත කඩිනමින් බෙදාහැරිමටත්, හානිය අධිකව පවතින ප්‍රදේශ හදුනාගෙන එම ස්ථානවල පොල් ගස් සඳහා කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමත් මේ වන විට සිදුකර ඇති බව ද සඳහන්.

Exit mobile version