Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල හමුදාවේ සේවය කළ තරුණියකගේ ගමන් මල්ලේ ජීව උණ්ඩයක් – කටුනායක දී අත්අඩංගුවට

තම රට බලා යෑමට පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබී මිලිමීටර් 5.56ක ජීව උණ්ඩයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගැනීමත් සමග අද (4) උදෑසන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සජීවී උණ්ඩය සොයාගෙන ඇත්තේ ගුවන් තොටුපළේ දී සිදුකෙරුණු ආරක්ෂක පරීක්ෂාවකදීය.

සැකකාරිය ඊශ්‍රායල හමුදාවේ සේවය කළ 22 හැවිරිදි අයකු බවට හඳුනාගෙන තිබේ.

සංචාරයක් සඳහා ඇය සිය මිතුරිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අද උදෑසන ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ FlyDubai Airlinesහි FZ-570 ගුවන් යානයට ගොඩවීම සඳහායි.

උණ්ඩය සමඟ තරුණිය අද උදෑසන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදීමට ගුවන් තොටුපොළ ආරක්ෂක කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් සිදුකරනු ලැබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව ජීව උණ්ඩය සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version