Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල මණ්ඩලයේ සේවක දීමනා 36 න්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

මේ දිනවල විදුලබල මණ්ඩලයේ මානව සම්පත් විගණනයක් සිදුකරනු ලබන බවත්, ඊට අනුව විවිධ දීමනා වර්ග 36ක් මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයින්ට ගෙවනු ලබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, (26)වැනි දා විකාශය වූ දෙරණ 360 වැඩිසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා අනාවරණය කළේ, මෙම දීමනා 36න් 10කට කැබිනට් අනුමැතිය හෝ මහාභාණ්ඩාරයේ අනුමැතිය ලබා ගෙන නොමැති බවයි.

“අපි විදුලිබල මණ්ඩලයේ HR Audit එකක් මේ දවස්වල කරනවා, අපේ සංවර්ධන නියෝජිතායතනවල සහයෝගයෙන්. මේ HR Audit එකේ මට ඇවිල්ලා දීපු මූලික කරුණුවල කිව්වේ, මේ විදුලිබල මණ්ඩලේ නිලධාරීන්ට සේවකයන්ට, විවිධ පුද්ගලයන්ට ගෙවන සියලූම දීමනා වර්ග 36ක් තියෙනවා. දීමනා වර්ග 36ක් තියෙන ලෝකේ මං හිතන්නේ කිසිම ආයතනයක් එහෙම නැහැ. පරීක්ෂණය කරපු කණ්ඩායම මට ඇවිල්ලා කිව්වා, 36න් 26කට විතරයි 2008 වෙන කොට අනුමැතිය අරගෙන තියෙන්නේ, කැබිනට් මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යාංශයේ. මේක 26 සිට 36 දක්වා වැඩිවෙලා තියෙනවා දීමනා වර්ග, හැබැයි ඒ අවසානයේ දී එකතු වෙච්ච දීමනා වර්ග 10ට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් මිසක් කැබිනට් මණ්ඩලයේ හෝ මහාභාණ්ඩාගාරයේ අනුමැතියකුත් නැහැ.“

– ada derana

Exit mobile version