Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ දිගින් වැඩිම කේබල් පාලම විවෘත කරයි

ඉන්දියාවේ දිගින් වැඩිම කේබල් පාලම විවෘත කරයි

ඉන්දියාවේ දිගින් වැඩිම කේබල් පාලම විවෘත කරයි

සුදර්ශන් සේතු ලෙස නම්කර ඇති ඉන්දියාවේ දිගින් වැඩිම කේබල් රැදවුම් පාලම විවෘත කෙරුණා.

ඕකාහ් හා බෙයිට් ද්වාකර දූපත යා කරමින් ඉදිකර ඇති සුදර්ශන් සේතු පාලම සදහා වැයකර ඇති මුලු මුදල ඉන්දියානු රුපියල් කෝටි 979ක් පමණ වනවා.

පාලම විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වූ අතර එය ඉදිකිරීම සදහා ඔහු මුල්ගල තැබුවේ 2017 වසරේදීයි.

මන්තීරු 4කින් සමන්විත පාලම කිලෝමීටර් 2.3ක දිගින් යුක්තයි.

පාලම මීටර් 27.2ක පළලකින් යුතු අතර වාහන ගමන් කිරීමේ මන්තීරු 4ට අමතරව පදිකයින් සදහා මීටර් 2.5ක පළලින් යුතු මන්තීරු දෙකක්ද ඊට අයත්.

ගොඩබිම සහ මිනිසුන් යා කිරීමට සමත් වූ සුදර්ශන් සේතු ජනතා අයිතියට පැවරීමට හැකිවීම තමා ලැබූ භාග්‍යයක් ලෙසයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවට එක්වෙමින් සදහන් කළේ.

Exit mobile version