Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඩුවෙල අධිකරණයෙන් දුන් නියෝගය හෝමාගම මහාධිකරණය වෙනස් කරයි

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

වැලිවිට සුද්දා නමැත්තාට අයත් බව කියන රථ වාහන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා (21) දින නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් යළි අයිතිකරුවන්ට භාරදෙන ලෙස නියෝග කරන ලද රුපියල් කෝටි 10ක් පමණ වටිනා රථවාහනය.

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් මෙවා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන මාස 02කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටින කෝටි 10ක් පමණ වටිනාකමකින් යුත් රථවාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත යළි ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඉකුත් 16 වනදා නියෝග කර තිබුණි.

එම නියෝගය මත අදාළ රථවාහනවල ලියාපදිංචි අයිතිකරුවන් විසින් අදාල රථවාහන මුදාගෙන රැගෙන ගොස් තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් අද දින හෝමාගම මහාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් අදාළ රථවාහන මිලදී ගැනීම සඳහා වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට එවායේ ලියාපදිංචි අයිතිකරුවන් බව කියන එච්.එම් හීන්මැණිකේ යන අය අපොහොසත් වී ඇති බව දැනුම්දුනි.

මෙම රථවාහන නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සාක්ෂි ලැබී ඇති බවත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රැගෙන ගිය අදාළ රථවාහන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත යළි භාරදෙන ලෙස මහාධිකරණය මගින් නියෝග කළේය.

කඩුවෙල පොලීසිය මගින් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කඩුවෙල පදිංචිකරුවකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් “වැලිවිට සුද්දා” නමැත්තාට අයිති බවට පවසමින් ඔහුගේ සහෝදරියක වන එච්.එම්. හීන්මැණිකේ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ 05ක්, නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබාදීමට කටයුතු කර තිබුණි.

Exit mobile version