Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය නීතිවිරෝධී බවට මෝසමක්

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (21) නියෝග කළේය.

මෙම මෝසම (21) ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවකු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මෝසම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියෝග කෙළේය.

විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.

එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහතා එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Exit mobile version