Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බස් වංචාවට සම්බන්ධ අම්පාර ඩිපෝ නිලධාරීන්ගේ වැඩ තහනම්

බස් රථ 200ක් අවුරුදු සමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට

බස් රථ 200ක් අවුරුදු සමයේ අලුත්වැඩියා කර නැවත ධාවනයට

ධාවනයෙන් ඉවත්කළ ලංගම බස් රථ නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමේදී අම්පාර ඩිපෝව සිදුකළ වංචාවට සම්බන්ධ සියලුදෙනාගේ වැඩ තහනම් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ, අලුත්වැඩියාව සඳහා අවශ්‍ය මුදල් ගෙන ධාවනය කරමින් තිබූ බස් රථයක අංක තහඩු වෙනස්කර අලුත්වැඩියා කළ බවට ඉදිරිපත් කරමින් සිදුකර තිබූ වංචාවක් සම්බන්ධයෙනි.

ධාවනයෙන් ඉවත්කළ බස් රථ 200ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගිය 9 වනදා පැවැත්වුණි.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 270කි.

ඒ යටතේ අම්පාර ඩිපෝවටද බස් රථ අලුත්වැඩියා කිරීම සඳහා ලක්ෂ 20ක මුදලක් හිමිවී තිබුණි. ඒ ධාවනයෙන් ඉවත්කර තිබූ NB -5430 දරන බස් රථය අලුත්වැඩියා කිරීම සඳහාය.

නමුත්, බස් රථය අලුත්වැඩියා කරන මුවාවෙන් අම්පාර ඩිපෝ බලධාරීන් සිදුකර ඇත්තේ, ධාවනය වෙමින් තිබූ බස් රථයකට NB -5430 අංක තහඩුව සවිකර උත්සව අවස්ථාවට එක්කිරීමය.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය පරීක්ෂණයක් සිදුකරයි.

Exit mobile version