Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉම්රාන් ඛාන්ට එරෙහිව හවුල් ආණ්ඩුවකට පක්ෂ 6ක් අතර සාකච්ඡා

ඉම්රාන්ට එරෙහිව හවුල් ආණ්ඩුවකට පක්ෂ 6ක් අතර සාකච්ඡා

ඉම්රාන්ට එරෙහිව හවුල් ආණ්ඩුවකට පක්ෂ 6ක් අතර සාකච්ඡා

පාකිස්තානයේ නව රජයක් පිහිටුවීම සඳහා පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය, බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය ඇතුළුව පක්ෂ 6ක් අතර සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්වාධීන අපේක්ෂකයන් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජය ලැබූ ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නියෝජිතයන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉදිරියේදි පක්ෂ හයේ හවුල් රජය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති අසිෆ් අලි සර්දාරි නව රජයේ ජනාධිපතිධුරය ලබාගැනීමේ කොන්දේසිය යටතේ නවාස් ෂරිෆ් පාර්ශ්වය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුගේ පුත්‍රයා වන බිල්වාල් භූතෝ නව රජයේ කැබිනට් ඇමැතිධුර භාර නොගැනීමට තීරණය කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. නව රජයේ අගමැතිවරයා ලෙස නවාස් ෂරීෆ් හෝ ඔහුගේ සොහොයුරු ශෙබාස් ෂරීෆ් නම් කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

පක්ෂ හයක් ඒකාබද්ධව පාකිස්තානයේ නව රජයක් පිහිටුවීමට තීරණය කළ ද එම නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 152ක් වන බවත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 169 සම්පූර්ණ කිරිම සඳහා මැතිවරණයෙන් ජය ලැබූ ඉම්රාන්ගේ නියෝජිතයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version