Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දුනීසියා ජනපතිවරණයෙන් ප්‍රබෝවෝ සුබියැන්තෝට ජය

ඉන්දුනීසියා ජනපතිවරණයෙන් ප්‍රබෝවෝ සුබියැන්තෝට ජය

ඉන්දුනීසියා ජනපතිවරණයෙන් ප්‍රබෝවෝ සුබියැන්තෝට ජය

ඉන්දුනීසියා ජනාධිපතිවරණය ජය ගැනීමට 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් විය. ප්‍රබෝවෝ සුබියැන්තෝ ජයග්‍රහණය කළේ සියයට 58ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.

සුබියැන්තෝ හමුදා අණ දෙන නිලධාරියකු ලෙසද රාජකාරි කර ඇත. පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වූයේද ඔහුය. මීට පෙර අවස්ථා දෙකකදී, සුබියැන්තෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කර ඇති නමුත් ඔහුට ජයක් හිමි නොවිණි.

අග්නිදිග ආසියාවට අයත් ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පසුගිය බදාදා දින (14) පැවැත්විණි.

ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්විණි. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ පමණක් බවද පැවැසෙයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝකෝ විඩෝඩෝය. විඩෝඩෝ ධුර කාල දෙකක් සම්පූර්ණ කළ බැවින්, යළි ජනාධිපති ධුරයක් වෙනුවෙන් තරග වැදීමට නොහැකිය. ප්‍රබෝවෝ සුබියැන්තෝ නායකත්වය දෙන්නේ ගෙරින්ද්‍රා දේශපාලන පක්ෂයටය.

ප්‍රබෝවෝ සුබියැන්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාධිපතිවරයාද වූ හමුදා පාලක ජනරාල් සුහර්තෝගේ බෑණාය. සුහර්තෝ, 2008 වසරේ මියගියේය. ඒ වනවිට ඔහු 86 වියෙහි පසුවිය.

Exit mobile version