Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිදුරුතලාගල යළි සංචාරකයන් සඳහා විවෘත කරයි

පිදුරුතලාගල යළි සංචාරකයන් සඳහා විවෘත කරයි

පිදුරුතලාගල යළි සංචාරකයන් සඳහා විවෘත කරයි

දිවයිනේ උසින් වැඩිම සහ අංශක බිංදුව ‍පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්යේ පිදුරුතලාගල කදු ප්‍රදේශය නැවත සංචාරකයින් සදහා විවෘත කිරීම සිදු කළ යුතුව පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්වීම (13) පැවැති අවස්ථාවේදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේය.

එහිදී ආණ්ඩුකාරවරයා මෑත කාලීනව මුහුණ දුන් පෞද්ගලික සිදුවීමක්ද උදාහරණ ලෙස දක්වමින් විශාල වියදමක් යටතේ මාර්ග පහසුකම් ඇතුලු විවිධ පහසුකම් සහිතව සංචාරකයින් සදහා විවෘතව පැවති පිදුරුතලාගල කදු ප්‍රදේශය අධ්‍යාපනික මෙන්ම සංචාරක වශයෙන් ඉහල වටිනාකමක් උසුලන බවත්, එය ජනතාවට තහනම් කලාපයක් ලෙස දිගින් දිගටම පවත්වා ගැනීමට නුසුදුසු බවත් සදහන් කර සිටියේය.

එමෙන්ම නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ හිරු උදාව නිරීක්ෂණය කිරීමටද දෙස් විදෙස් සංචාරකයින් ‍ප්‍රියතාවයක් දක්වන බැවින් ඒ සදහාද අවස්ථාවක් ලබාදීම සිදු කළ යුතු බවත්, ඉහල සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයන් සුදුසු ක්‍රමවේදයන් යටතේ ජනතාවට විවෘත කිරීම සහ ඒ ආශ්‍රිත සුදුසු පරිදි සංචාරක කර්මාන්ත නගාසිටුවීම කාලීන අවශ්‍යතාවයක් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version