Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආර්ථික අර්බුදයේ බලපෑම් මත ව්‍යාපාරික ස්ථාන 263,000ක් වැසී ගොස්

ආර්ථික අර්බුදයේ බලපෑම් මත ව්‍යාපාරික ස්ථාන 2,63,000ක් වැසී ගොස්

ආර්ථික අර්බුදයේ බලපෑම් මත ව්‍යාපාරික ස්ථාන 2,63,000ක් වැසී ගොස්

කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැට තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් මේ බව අනාවරණ කළේ, සිය නවතම සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරමිනි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මැන බැලීම සඳහා ආයතන මට්ටමේ සමීක්ෂණයක් පසුගිය වසරේ මාර්තු මස සිට ජූනි මස දක්වා සිදු කර තිබේ.

මෙම සමීක්ෂණය මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන ආවරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එක් එක් වසර තුළ තාවකාලික ව හෝ ස්ථිර ව වැසි ගිය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානවල ප්‍රතිශතයන්හි අගයද එම දෙපාර්තමේන්තුව විසින් (14) හෙළි කරනු ලැබිණි.

එහි දී 2019 වසරේ සියයට 9.9ක්ද 2020 වසරේ සියයට 33.4 ක්ද 2021 වසරේ දී 27.4ක් හා 2022 වසරේ සියයට 29.3ක් ද ව්‍යාපාර වැසී ගොස් තිබේ.

Exit mobile version