Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි. ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි. ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා දෙන ලිපිය ලබා ගෙන , බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙයි.

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් online ක්‍රමවේදය ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවයි.

ඒ අනුව www.drp.gov.lk නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපර්තම්නේතුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය බාගත කිරීමේ පහසුකම් ලබාදී තිබෙනවා.

මෙහිදී ඉල්ලුම්පත් අංකය හා ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරන ලද ජංගම දුරකථනයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය ඇතුළත් කිරීම අනිවාර්ය වනවා.

ඒ සම්බන්ධයෙන් ඇති වැඩි විස්තර පහතින්:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
Exit mobile version