Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු පිරිනැමීමට තීරණයක්

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු පිරිනැමීමට තීරණයක්

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් online ක්‍රමවේදය ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවයි.

ඒ අනුව www.drp.gov.lk නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපර්තම්නේතුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය බාගත කිරීමේ පහසුකම් ලබාදී තිබෙනවා.

මෙහිදී ඉල්ලුම්පත් අංකය හා ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරන ලද ජංගම දුරකථනයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය ඇතුළත් කිරීම අනිවාර්ය වනවා.

ඒ සම්බන්ධයෙන් ඇති වැඩි විස්තර පහතින්:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
Exit mobile version