Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව හජ් කමිටුව පත් කරයි

නව හජ් කමිටුව පත් කරයි

නව හජ් කමිටුව පත් කරයි

නව හජ් කමිටුව පසුගිය සඳුදා (12) පත් විය.

ඒ අනුව නව හජ් කමිටුවේ සභාපති ලෙස ඉබ්‍රහිම් අන්සාර් මහතා පත් වූ අතර මොහොමඩ් හනීෆ ඉෂාක්, ඉෆාස් නබුහන්ම, නිබ්‍රාස් නසීර්, මිල්ෆර් කෆූර් සහ ඉසෙඩ්. ඒ. එම්. ෆයිසාල් යන මහත්වරුන් හජ් කමිටු සාමාජිකයන් ලෙස පත්විණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති 2024 වර්ෂය සඳහා නව හජ් කමිටු සාමාජිකයින් සම්බන්ධ සාකච්ඡාවේදී මෙම පත් කිරීම් සිදු කෙරිණි.

2023වර්ෂය සඳහා පත්කළ හජ් කමිටුවේ නිලකාලය 2024.02.14දින අවසන් වීමට නියමිත බැවින් නව හජ් කමිටුව පත් කර ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

Exit mobile version