Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමක්

ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමක්

ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමක්

ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ.

එම ගිවිසුමට එළැඹීම සඳුදා දින (12) කොලොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත.

මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත.

පසුගිය වසරේ ජුලි මස 08 වනදා මීට අදාළව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා මෙම ගිවිසුම්ගතවීම සිදුකර ඇත.

Exit mobile version