Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් බේකරි 232කට නඩු

නියමිත බර නොමැති හා මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

නියමිත බර නොමැති හා මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරීන් පැවසීය.

පාන් සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙලෙස බේකරි සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීම් සිදුවිය.

පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකෙරෙන බවය.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977ට දැනුම්දෙන ලෙසද ඉල්ලා සිටී.

Exit mobile version