Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘති ගිවිසුමට අත්සන් කරයි

බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘති ගිවිසුමට අත්සන් කරයි

බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘති ගිවිසුමට අත්සන් කරයි

මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය සහ රිවිදනවි පෞද්ගලික සමාගම පසුගියදා (08) අත්සන් තැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස දැන්වීම පළ කර 2023 වසරේ යෝජනාව ඇගයීමට ලක්ව අඩුම සහ සාර්ථකම යෝජනාවට ව්‍යාපෘතිය ප්‍රදානය කළ බවත් එම ව්‍යාපෘතියෙන් උත්පාදනය කරන විදුලිය විදුලිබල මණ්ඩලයට සැපයීමට කිලෝමීටර් 27.5ක සම්ප්‍රේෂණ මාර්ගයද රිවිදනවි සමාගම ඉදිකළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

රිවිදනවි සමාගම, ලක්දනවි සහ වින්ෆෝර්ස් සහ සිංගප්පූරුවේද බ්ලූ සර්කල් සමාගම යන සමාගම් තුනේ ඒකාබද්ධ සමාගමක් බවත් මෙම ව්‍යාපෘතියට එම සමාගම ඩොලර් මිලියන 132ක් ආයෝජන කරන බවත් අමාත්‍යවරයා කීය.

Exit mobile version