පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600කට පත්වීම් ලිපි ප්රදානය කිරීම දින (02) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිනි.
මෙරට රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාවතුල 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයක් සේවයේ නියුතු අතර, 2022 වසරේදී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1622කට පත්වීම් ලබාදීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.