Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක්

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක්

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක්

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පත්වීම් බලධාරියා අමාත්‍යවරයා වන බැවින්ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පත්වීම් බලධාරියා ජනාධිපති වන බැවින්ද කරුණු විමසීම සඳහා ඔවුන් කැඳවීම් කිරීමට කොමිෂන් සභාවට බලයක් නොමැති හෙයින් පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වන බවයි.

පැමිණිල්ලක් ලැබුණ පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කොමිෂන් සභාවකට නොහැකි නම් එය ක්‍රමයේ වැරැද්දක් බවත් එම වරද්ද නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යුහය තුළ එක් සේවා නිලධාරී කාණ්ඩයකට අයත් නිලධාරීන් පමණක් නියෝජනය වීම අපක්ෂපාතී සහ සාධාරණ ක්‍රියාදාමයට බාධා විය හැකි බව කෝපා කමිටුවේ අදහස විය.

එබැවින් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමට කෝපා කමිටුව රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

Exit mobile version