Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘මාස්’ හෝල්ඩින්ස් ආයතනයෙන් ‘සුවසැරිය’ට කෝටි 21/2ක ගිලන්රථ 5ක්

‘මාස්’ හෝල්ඩින්ස් ආයතනයෙන් ‘සුවසැරිය'ට කෝටි 21/2ක ගිලන්රථ 5ක්

‘මාස්’ හෝල්ඩින්ස් ආයතනයෙන් ‘සුවසැරිය'ට කෝටි 21/2ක ගිලන්රථ 5ක්

ඇඟළුම් අපනයනයේ මෙරට ප්‍රමුඛයා වන ‘මාස්’ හෝල්ඩින්ස් ව්‍යාපාරික ජාලය තවත් සමාජ සත්කාරයකට දායකවෙමින් රුපියල් කෝටි දෙකහමාරක මුදලක් වැය කරමින් ‘සුවසැරිය’ ගිලන්රථ සේවයට ගිලන්රථ පහක් ප්‍රදානය කළේය.

එම ගිලන් රථ පහ ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයට අවලන් වී ඉවත්කර තිබියදී ‘මාස්’ හෝල්ඩින්ස් ආයතනය මැදිහත්ව මෙම දැවැන්ත මුදල වැය කරමින් නව ගිලන් රථ තත්වයටම ප්‍රතිසංස්කරණය කළ අතර මාස් ඇක්ටිව්, ඉන්ටිමේට්ස්, ක්‍රීඩා, බොඩිලයන් සහ ලිනියා අක්වා යන ආයතන පිහිටි කටුනායක, පන්නල, මහියංගනය, හොරණ සහ දොම්පේ යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පිරිනැමීය.

එම සමාගම පවසන්නේ 67,000 ක් වන මාස් හෝල්ඩින්ස් ශ්‍රම බලකාය පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙම පරිත්‍යාගය හරහා ප්‍රතිලාභ සැළසීම බලාපොරොත්තු වන බවයි.

එම ගිලන් රථ නිල වශයෙන් ‘සුවසැරිය’ ගිලන්රථ සේවයට භාරදීම පානදුර පිහිටි මාස් යුනිචෙලා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

Exit mobile version