Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විදුලි ගාස්තු ඉහළ නැංවීම යෝජනාවට ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

විදුලි ගාස්තු ඉහළ නැංවීම යෝජනාවට ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

ලංකා විදුලිබල මණ්ඩලය නව තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇත.

ඒ අනුව, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස්, කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල් වලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම් රැසක් පාරිභෝගියන් වෙත හඳුන්වා දී ඇතැයි ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙස ද දැනුම් දෙයි.

ඉහත ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරමින් ලංවිම විදුලි බිල්පත් නිසි කලට ගෙවමින් අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.

Exit mobile version