Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්පා සෙලවිය නොහැකි පුද්ගලයින්ට මස්ක්ගෙන් චිප් එකක්

අත්පා සෙලවිය නොහැකි පුද්ගලයින්ට මස්ක්ගෙන් චිප් එකක්

අත්පා සෙලවිය නොහැකි පුද්ගලයින්ට මස්ක්ගෙන් චිප් එකක්

අත් පා සෙලවිය නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට තම සිතිවිලි භාවිත කරමින් භාණ්ඩ පරිහරණය කිරීමේ හැකියාව ලබාදෙන නව තාක්ෂණික ක්‍රමවේදයක් ඊලොන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම අත්හදාබලමින් සිටී.

රැහැන් රහිත’චිප්’එකක් මිනිස් මොළයට සාර්ථකව සවි කිරීමට එම සමාගම සමත්ව ඇත්තේ එහි නවතම පියවර ලෙසය.

එම සමාගම, මෙවන් මස්තිෂ්ක චිපය මිනිසෙකු යොදාගෙන අත්හදා බලා ඇත්තේ පළමුවරටය.

චිපය සවිකළ පුද්ගලයා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බලධාරීන් තහවුරු කර ඇති බව වාර්තා වේ.

මිනිස් හිසකෙස්වලටත් වඩා සියුම් නම්‍යශීලී කෙඳි 64ක්, මිනිස් සිරුරේ චලන පාලනය කරන මොළයේ කොටස මත සවි කිරීම මෙහිදී සිදුවන අතර ඉන් මිනිසාගේ මොළය පරිගණකයට සම්බන්ධ කෙරෙන බව වාර්තා වේ.

මිනිසුන්ට ඇතිවිය හැකි සංකීර්ණ ස්නායු රෝගාබාධවලදී සහාය වීමේ අරමුණින් නිපදවූ මෙය නිෂ්පාදනය ටෙලිපති ලෙස නම් කර තිබේ.

මෙම තාක්ෂණය මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමේ අවසරය මැයි මාසයේදී එම සමාගමට හිමිවූයේ වසර 6ක් තිස්සේ ගත් ප්‍රයත්නයකින් අනතුරුවය.

Exit mobile version