Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

IMF පළමු වාරික ඇගයීම නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබද පළමු වාරික ඇගයීම නිකුත් කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටුකළයුතු කැපවීම් 73න් 60ක් ඉටුකර ඇති අතර 13ක් ඉටු කිරීමට නොහැකි වී ඇති බවයි වෙරිටේ රිසර්ච් සදහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේ ආරම්භ කළ දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පළමු අදියර තුළ ශ්‍රීලංකාවේ කාර්ය සාධනය පිළිබද සිය ඇගයීම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73න් 60ක් ඉටු කර ඇති බවයි.

ඉතිරි 13 ඉටු නොකළ කැපවිම් වන අතර ඉන් 08ක් දෙවන අදියර තෙක් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.

ඉතිරි කැපවීම් 05 කිසිසේත්ම ඉටු කළ නොහැකි අතර එම කැපවීම් ඉදිරියට ගෙන යාමටද නොහැකි බව හදුනාගෙන තිබෙනවා.

නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබූ කැපවීම් 27ක් නියමිත දිනයන් වෙනස්කර හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තා.

එම මාසය වන විට ඉටුකළයුතුව තිබුණද එසේ නොකිරීම නිසා ඉදිරියට ගෙන ගිය කැපවීම් 08ද එකතුකර කැපවීම් 35ක් ඉටුකළ යුතු කැපවීම් ලෙස මූල්‍ය අරමුදල නම්කර තිබෙනවා.

එම කැපවීම්වලට අමතරව ශ්‍රීලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වැඩසටහනට නව කැපවීම් 75ක් එක්කළා.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීම සදහා වන වැඩසටහනේ ඉටුකළ යුතු කැපවීම් 110

Exit mobile version