Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන 'අයිකන් ඔෆ් ද සීස්' මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන 'අයිකන් ඔෆ් ද සීස්' මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, මියාමි නුවරින් ගමන් ඇරැඹූ ‘අයිකන් ඔෆ් ද සීස්’ නෞකාව, සත් දිනක් කැරිබියන් දූපත් ආශ්‍රිත මුහුදේ චාරිකා කරනු ඇත.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365 ක දිගින් යුක්තය. මෙය තට්ටු 20කින් සමන්විතය. උපරිම වශයෙන් මගීන් 7,600 කට එහි ගමන් කළ හැකිය. මෙම අධි සුඛෝපබෝගී නෞකාව පාවෙන නගරයක් බඳු යැයි පැවැසෙයි.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 7කි.

මෙම නෞකාව, සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ සාගර විද්‍යාඥයන් අදහස් දක්වා ඇත්තේ අප්‍රසාදයෙනි. ඒ, ‘අයිකන් ඔෆ් ද සීස්’ නෞකාවෙන්, අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙනවා යැයි ඔවුන් පවසන බැවිනි.

Exit mobile version