Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථවාහන කඩිනමින් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

වෙනත් පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර ඇති රථවාහන කඩිනමින් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ.

දැනට පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය හමුවේ එලෙස තමන්ගේ නමට ලියාපදිංචි නොකර ඇති රථවාහනවල වත්මන් අයිතිකරුවන් මෙන්ම පැරණි අයිතිකරුවන්ද අපහසුතාවයට පත්විය හැකි බවද ඒ මහතා සඳහන් කළා

මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී සිටින්නේ තමන් මිලදීගෙන ඇති වාහන තමන්ගේ නමට ලියාපදිංචිය සිදුකරගන්නා ලෙසටයි.

Exit mobile version