Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස්

මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස්

මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස්

විවිධ හේතු මත මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

මෙසේ වැසී ගොස් ඇති ගොවිපළවල් අතරින් බහුතරයක් කුඩා පරිමාණයේ ඒවා බව කෝපා කමිටුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් පවසන්නේ සත්ව සොරකම් වැඩිවීම හේතුවෙන් ගොවිපළවල් රැසක් වැසී ගොස් ඇති බවයි. එය පිළිගත නොහැකි හේතුවක් බව පැවසූ කෝපා කමිටුව ගවයන් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශ වීම සහ ඉඩම් ආශ්‍රිත ගැටලුද මේ සඳහා ඉවහල්වී ඇති බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි දත්ත පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බව කමිටුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඉඔලුදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවලට ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කෙරුණු එළුවන් එකසිය හතර දෙනකු මිය යෑමේ සිද්ධිය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වහා ලබා දෙන ලෙස කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේය.

මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුවේ අවධානය යොමුවිය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

Exit mobile version