Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

VAT බදු අයකරන්නේ නම් VAT ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරයි

VAT බදු අයකරන්නේ නම් VAT ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

VAT බදු අයකරන්නේ නම් VAT ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත්, එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයින් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

(17) යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දැනට වැට් බදු ගෙවන සීමාව වාර්ෂිකව මිලියන 80ක පිරිවැටුම වුවද එය නුදුරේදීම වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 දක්වා පහළට ගෙන ඒමට නීතී සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

එසේම 2002 අංක 14 දරණ වැට් බදු පනත අනුව වැට් සඳහා ලියාපදිංචි වූ සෑම අයෙකුම වැට් බදු අයකරන්නේ නම් තම සේවාදායකයාට, පාරිභෝගිකයාට හෝ ඕනෑම අයෙකුට බලාගැනීම සඳහා තම ආයතනයේ වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, එසේ නොකරන අය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළහොත් එම අයට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිදු බාධාවක් නොමැති බවද සඳහන් කළේය.

Exit mobile version