Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් පසු තවත් පවුල් ලක්ෂ 03ක් අලුතෙන් අස්වැසුමට සුදුසුකම් ලබා තබේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නුසුදුස්සන් බවට පත්වූ පවුල් සංඛ්‍යාව 5,000ක් බවය.

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව අලුත්තෙන් ලක්ෂ 300,000ක පවුල් සංඛ්‍යාවක් අස්වැසුමට ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලබා ඇති බවය.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීළග වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්වී ඇති අතර තවත් පවුල 2,567ක් තමන් ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් 50,882ක පිරිසක් සිය ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇති බවය.

ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්‍රමාණයක් ලැබී තිබූ අතර හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග (18) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරුණි.

Exit mobile version