Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය මෙසීට

2023 ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය මෙසීට

2023 ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය මෙසීට

2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසීව තෝරාගෙන තිබේ.

මීට පෙර 2019 සහ 2022 වසරවලදී ඔහු එය දිනාගෙන තිබුණු අතර ඒ අනුව ඔහු මෙම සම්මානය දිනාගන්නේ තුන් වන වරට වීම විශේෂිතය.

මෙම සම්මානය සඳහා මෙසීට අමතරව ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බාපේ සහ නෝර්වීජියානු පාපන්දු ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් අවසන් තුන්දෙනා අතරට එක්ව සිටියේය.

2022 වසරේ දෙසැම්බර් මස 19දා සිට 2023 වසරේ අගෝස්තු මස 20 දින දක්වා කාලය තුළ මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම සම්මානය පුද කිරීම සිදුවිය.

FIFA පාපන්දු සම්මාන 2023 උත්සවය එංගලන්තයේ ලන්ඩන් නුවර(15) පැවති, අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු රැසක් ඇගයීමට ලක් කෙරුණි.

ජයග්‍රාහකයින්

හොඳම FIFA කාන්තා ක්‍රීඩිකාව: අයිටානා බොන්මටි
හොඳම FIFA පිරිමි ක්‍රීඩකයා: ලියොනෙල් මෙසී
හොඳම FIFA කාන්තා ගෝල රකින්නා: මේරි අර්ප්ස්
හොඳම FIFA පිරිමි ගෝල රකින්නා: එඩර්සන්
හොඳම FIFA කාන්තා පුහුණුකරු: සරීනා වීග්මාන්
හොඳම FIFA පිරිමි පුහුණුකරු: පෙප් ග්වාඩියෝලා
FIFA Puskás සම්මානය: Guilherme Madruga
FIFA විශේෂ සම්මානය: මාර්ටා
FIFA ජීව ගුණය සුරැකි සම්මානය: බ්‍රසීල පිරිමි ජාතික කණ්ඩායම
FIFA ප්‍රේක්ෂක සම්මානය: හියුගෝ ඩැනියෙල් “ටෝටෝ” ඉනියේ

Exit mobile version