Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය නමින් දුරකථනවල දත්ත සොරකම් කරන සංවිධානාත්මක කල්ලියක්

ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය නමින් දුරකථනවල දත්ත සොරකම් කරන සංවිධානාත්මක කල්ලියක්

ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය නමින් දුරකථනවල දත්ත සොරකම් කරන සංවිධානාත්මක කල්ලියක්

විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත ඇතුළු තොරතුරු චීනයේ දත්ත ගබඩාවලට යවන බව කියන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හතළිස් දෙනකු පමණ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ තම ජංගම දුරකථනවලට හැකර්වරුන් ප්‍රවිෂ්ට වී දත්ත සොරකම් කර ඇති බවයි.

අන්තර්ජාල ණය දීමේ මධ්‍යස්ථානය තුළ තරුණියන් අසූ දෙනකු පමණ සේවයට ගනිමින් මෙම ජාවරාම සිදුකර ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

මෙම ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය 2021 දී ශ්‍රී ලාංකිකයකු නමින් ආරම්භ කර එය චීන ජාතිකයන්ට විකුණා ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

දැනට එය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස් දෙනා හා එය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Exit mobile version