Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා අර්බුදය සම්බන්ධයෙන් චීනයෙන් මහා පරිමාණ සාම සමුළුවක්

ගාසා අර්බුදය සම්බන්ධයෙන් චීනයෙන් මහා පරිමාණ සාම සමුළුවක්

ගාසා අර්බුදය සම්බන්ධයෙන් චීනයෙන් මහා පරිමාණ සාම සමුළුවක්

ගාසා අර්බුදය සම්බන්ධයෙන් මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

ගාසා තීරයේ යුද්ධය අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වඩා අධිකාරී බලයක් සහිත ඵලදායී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කැඳවන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-පලස්තීන යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්මන්ත්‍රණය මඟින් රාජ්‍ය දෙකක විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථාරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.

Exit mobile version