Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය තියුණු ලෙස පහළට

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය තියුණු ලෙස පහළට

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය තියුණු ලෙස පහළට

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය තියුණු ලෙස පහත වැටීම බරපතළ තත්ත්වයක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර තහවුරු කළේ කොළඹ, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මකභාවයේ කැපීපෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

කොළඹ, බත්තරමුල්ල සහ කොළඹ කොටුව වැනි ජනාකීර්ණ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය සෞඛ්‍යයට අහිතකර මට්ටම් 105 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ හා සමානව, යාපනයේ වායු තත්ත්ව දර්ශක අගයන් 100ට ආසන්නව වාර්තා වූ අතර එය සෞඛ්‍යයට අහිතකර වායු තත්ත්වයන් පෙන්නුම් කරයි.

මෙම දිස්ත්‍රිකවල ජීවත් වන ජනතාවට මුව ආවරණ පළඳින ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් සිදු කර ඇත්තේ.

Exit mobile version