Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තේ පොහොර මිටියක් රුපියල් 8500කට

තේ පොහොර සහනාධාරය පුළුල් කරයි

තේ පොහොර සහනාධාරය පුළුල් කරයි

තේ පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා වන නිසා බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර යොදන්නේ නැතැයිද අමාත්‍යවරයා කීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තේ පෝර වැඩි වීම නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් තේ පොහොර මිටිය රුපියල් 8500කට දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version