Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමසාධක රාජකාරිවලට ගිය හෙලිකොප්ටරය අනතුරකට

සාමසාධක රාජකාරිවලට ගිය හෙලිකොප්ටරය අනතුරකට

සාමසාධක රාජකාරිවලට ගිය හෙලිකොප්ටරය අනතුරකට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක මෙහෙයුම්වල නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් ගොඩබෑමේදී අනතුරට ලක්ව තිබෙනවා.

එරට වේලාවෙන් (12) උදෑසන 9.30ට පමණ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්ටරය ගොඩබෑමේදී පැවති දූවිලි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 05 දෙනෙකු එහි සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.

අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා සිද්ධිය සිදුවූ ස්ථානයට කණ්ඩායමක් යොමුකර ඇති අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පරීක්ෂණ මණ්ඩලයක්ද පත්කර තිබෙනවා.

Exit mobile version