Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ; සේවාවලට බාධා කරන සේවකයින්ට ඇමතිගෙන් දැඩි තීරණයක්

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක්

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක්

ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

නැවත දැනුම්දෙනතුරු එය ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර සේවාවලට බාධා කරන හෝ ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩ කරමින් කරයුතු කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය වෙත අදාළ උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත් ප්‍රතිසංස්කරණ අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර විදුලිබිල අඩු කිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බවද කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Exit mobile version