Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

(01) සිට ගෑස් මිල යළිත් ඉහළ දමා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 685/=ක මුදලකින් ඉහළ යන අතර නව මිල වන්නේ රුපියල් 4250/=ක්, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 276/= මිලකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1707/=ක් වනවා. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 127/=කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන්ව ඇත්තේ රුපියල් 795/= ලෙසයි.

මේ අතර (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,740ක් බව සඳහන්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,900ක් ලෙසයි.

Exit mobile version