Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් මාස 06ක කාලයක් ධාවන කටයුතු මුළුමනින්ම නතර කෙරෙ.

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ජනවාරි 7 සිට; මාස 06ක කාලයක් ධාවන කටයුතු මුළුමනින්ම නතර කෙරෙනු ඇත

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ජනවාරි 7 සිට; මාස 06ක කාලයක් ධාවන කටයුතු මුළුමනින්ම නතර කෙරෙනු ඇත

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනවාරි 7 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සංවර්ධන කටයුතු සිදුකෙරෙන කාලසීමාවේදී විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු නවීකරණ කටයුතු සඳහා සිදුකළ ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 91.27ක්.

මාර්ගයේ නවීකරණය අදියර දෙකක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ මහව සිට ඕමන්ත දක්වාත්, අනුරාධපුරයේ සිට මහව දක්වාත් වෙන් වෙන්වයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 2019 වසරේදී ඇරඹුණු අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස මීට මාස 05කට පෙර සම්පුර්ණයෙන්ම නවීකරණය කර අවසන් කෙරුණා. නවීකරණයෙන් පසු එම දුම්රිය මාර්ගයේ දුම්රියක් පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි බව සඳහන්.

දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා කොටස සංවර්ධනය කිරීමට නියමිතයි.

ඒ අනුව ජනවාරි 07 වනදා එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා.

මහව සිට අනුරාධපුර දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා මාස 06ක් කාලයක් ගත වන අතර එම කාලසීමාවේ දී උතුරු දුම්රිය මාර්ගයේ සියලු ධාවන කටයුතු මුළුමනින්ම නතර කෙරෙනු ඇති.

Exit mobile version