Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරකට රෝහල්වල අතපසුවීම් ගැන පැමිණිලි 600ක්

වසරකට රෝහල්වල අතපසුවීම් ගැන පැමිණිලි 600ක්

වසරකට රෝහල්වල අතපසුවීම් ගැන පැමිණිලි 600ක්

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාදීමේ දී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය අතින් සිදුවන අතපසුවීම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 600ක් පමණ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වසරේ දී මෙන්ම පසුගිය වසරේද මෙවැනි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

සෞඛ්‍ය අංශ තම උපරිමය රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කළද යම් යම් ගැටලු පැන නගින බවත් එය අවමකර ගැනීම සඳහා කැපවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ අදාළ පැමිණිලි විශ්ලේෂණය කිරිමේ දී අතපසුවීම් රැසක් සිදුව ඇති බවට පෙනී යන බවය.

Exit mobile version