Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වෙයි.

ලෝක ජනගහනය වැඩි වෙලා

ලෝක ජනගහනය වැඩි වෙලා

මෙම වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සංගණන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා වන විට බිලියන 8කට වඩා වැඩි ජනතාවක් ලෝකයේ ජීවත්වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ලෝක ජනගහන වර්ධන වේගය මෙම වසරේදී සියයට 1කට වඩා අඩු ප්‍රතිශතයක පැවැතිණ.

2024 ආරම්භයේ සිට සෑම තත්පරයකටම උපත් 4.3ක් වාර්තා වනවිට මරණ 2ක් වාර්තාවනු ඇතැයි අපේක්ෂා කරන බව සංගණන දෙපාර්තමේන්තුව පවසයි. ඇමෙරිකාව ලෝක ජනගහනයට මිලියන 1.7ක ජනතාවක් මෙම වසරේදී එකතු කර ඇති බවත් ලබන ජනවාරි පළමු වැනිදා වනවිට ඇමෙරිකාවේ ජනගහනය මිලියන 335.8ක් වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Exit mobile version