Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘යුක්තිය’ විශේෂ මෙහෙයුමෙ පළමු දින 9 තුළ සැකකරුවන් 17,837ක් අත්අඩංගුවට

යුක්තිය යටතේ ඇල්ලූ සැකකරුවන් සංඛ්‍යාව ලක්ෂය පනී

යුක්තිය යටතේ ඇල්ලූ සැකකරුවන් සංඛ්‍යාව ලක්ෂය පනී

පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමෙ පළමු දින නවය තුළ සැකකරුවන් 17,837ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 850ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

සැකකරුවන් 186 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,187ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද එම අමාත්‍යංශය කීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,665 අතුරින් සැකකරුවන් 1,375ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.

එම දින නවය තුළදී හෙරොයින් කිලෝ 10යි ග්‍රෑම් 510ක්, අයිස් කිලෝ 6යි ග්‍රෑම් 740ක්, ගංජා කිලෝ 288යි ග්‍රෑම් 500ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍යද විශාල ප්‍රමාණයක් සහ මත්පෙති 71,271ක් අත්අඩංගුවට ගෙන ඇති බවද මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version