Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹට සෙවණ දුන් තවත් ගස් 200ක් කපන්න නිර්දේශ

කොළඹට සෙවණ දුන් තවත් ගස් 200ක් කපන්න නිර්දේශ

කොළඹට සෙවණ දුන් තවත් ගස් 200ක් කපන්න නිර්දේශ

ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කොළඹ නගරයේ ඇති හඳුනාගත් අනාරක්ෂිත ගස් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් කළ පර්යේෂණවලදී තවත් ගස් 200කට අධික සංඛ්‍යාවක අතු කපා අනාරක්‍ෂිත බව අවම කරන ලෙස දැනුම් දී ඇති බවත් ඉන් පසුව එම ගස් නියමිත ක්‍රියාපටිපාටිය අනුව කපා ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.

කොල්ලුපිටිය හංදියේ මාර්ගයේ තිබූ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමන් පුද්ගලයන් පස්දෙනෙක් මරණයට පත්වීමෙන් පසුව කොළඹ මහ නගර සභාව කොළඹ නගර සීමාවේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් 30ක් පමණ කපා ඉවත් කළේය.

Exit mobile version