Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ රෝහල් පද්ධතියේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 10න් 04ක්ම බිඳ වැටිලා

රජයේ රෝහල් පද්ධතියේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 10න් 04ක්ම බිඳ වැටිලා

රජයේ රෝහල් පද්ධතියේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 10න් 04ක්ම බිඳ වැටිලා

රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින ලීනියර් ඇක්සලරේට යන්ත්‍ර 10න් 04ක්ම මේ වනවිට බිඳ වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

ඒ අනුව අපේක්ෂා රෝහලේ ඇති එක් යන්ත්‍රයක්, මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර දෙකම සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ ඇති එකම යන්ත්‍රයද මේ වනවිට බිඳවැටී ඇති බව සඳහන්.

එම රෝහල්වලට පැමිණෙන පිළිකා රෝගීන් මෙන්ම කාර්යමණ්ඩලයද මෙම නිසා දැඩි අපහසුතාවට ලක්ව ඇති අතර රෝගීන්ට පොරොත්තු ලේඛනවල රැඳී සිටීමටද ඒ අනුව සිදුව තිබෙනවා.

මෙම යන්ත්‍ර බොහෝමයක් මෑතකදී රෝහල් පද්ධතියට එකතු වූ ඒවා වන අතර මෙලෙස වරින් වර යන්ත්‍ර බිඳවැටීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටින්නේ.

ඒ අනුව මෙම යන්ත්‍රවල නඩත්තුවේ ගැටලුවක් තිබේද, මෙම යන්ත්‍ර තත්ත්වයෙන් බාල ඒවාද යන්න පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලිය යුතු බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.

Exit mobile version