Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශගත පාතාලයන් 30ක් අත්අඩංගුවට ගෙන ඒමට වැඩ පිළිවෙලක්

විදේශගත පාතාලයන් 30ක් අත්අඩංගුවට ගෙන ගෙන ඒමට වැඩ පිළිවෙලක්

විදේශගත පාතාලයන් 30ක් අත්අඩංගුවට ගෙන ගෙන ඒමට වැඩ පිළිවෙලක්

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් සහ ප්‍රංශයේ පාතාල සාමාජිකයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කී ඒ මහතා එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

අදාළ වැඩපිළිවෙලට කවුරු බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version