Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ අමාත්‍යාංශයෙන් සියලුම කලා සංවිධානවලට ඉල්ලීමක්

අධිකරණ අමාත්‍යාංශයෙන් සියලුම කලා සංවිධානවලට ඉල්ලීමක්

අධිකරණ අමාත්‍යාංශයෙන් සියලුම කලා සංවිධානවලට ඉල්ලීමක්

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම දීර්ඝ කරයි.

ඒ අනුව 2024 ජනවාරි මස 20 දින දක්වා එය දීර්ඝ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබදව කලා සංවිධාන වල ප්‍රධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය 2023.12.07 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අදාල සාකච්ඡාවේදී කලාකරුවන් සහ කලා සංවිධාන වල නියෝජිතයින් ඉදිරිපත් කල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන දිවයිනේ ප්‍රධාන කලා සංවිධාන නියෝජනය කරන නියෝජිතයින් විසිදෙනෙකු ඇතුළත්වන පරිදි ප්‍රවීණ සංගීතඥ, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, අදාල කමිටුව සියලු කලාකරුවන්ගේ යෝජනා, අදහස් සැලකිල්ලට ගෙන මූලික වාර්තාවක් 2024 ජනවාරි මස 20 දිනට පෙර අධීකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධීකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම පාර්ලිමේන්තු නව පනත් කෙටුම්පත සඳහා දීප ව්‍යාප්ත කලා කේන්ද්‍ර නියෝජනය කරන සංවිධාන වල අදහස් හා යෝජනා ඇත්නම් 2024 ජනවාරි මස 20 දිනට ප්‍රථම මාධ්‍ය උපදේශක (කමිටු ලේකම් – ) අධිකරණ අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ harshadgtower@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය සියලුම කලා සංවිධානවලින් ඉල්ලයි.

Exit mobile version