Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අකුරණ නගරයේ ගංවතුර පාලනයට නව පාලම් කිහිපයක්

අකුරණ නගරයේ ගංවතුර පාලනයට නව පාලම් කිහිපයක්

අකුරණ නගරයේ ගංවතුර පාලනයට නව පාලම් කිහිපයක්

අකුරණ නගරයේ ගං වතුරින් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයාට සවිස්තරාත්මක වාර්තාවක් භාර දෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් සති 06ක කාලයක් තුළදී ලබ ගත් තොරතුරුවලින් යුක්ත මෙම වාර්තාව භාර දීමට නියමිත බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ඩෙන්මාර්ක් රජයේ අධාර මත මෙම ඉදිකිරීම් සිදුවන බවත් එක් පාලමක ඉදිකිරීම් මේ වන විට ආරම්භ කොට ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළා.

මෙම වර්ෂයේදි පමණක් අවස්ථා පහකදී අකුරණ නගරය ජලයෙන් යටවූ බව කී ඒ මහතා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් අකුරණ නගරයට ස්ථිර විසඳුමක් හිමිවනු ඇතැයි තව දුරටත් පෙන්වා දුන්නා.

Exit mobile version