Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස්ගත වී ඇති සියලු දෙනාගේ තොරතුරු එක්රැස් කිරීමට සංගණනයක්

විදෙස්ගත වී ඇති සියලු දෙනාගේ තොරතුරු එක්රැස් කිරීමට සංගණනයක්

විදෙස්ගත වී ඇති සියලු දෙනාගේ තොරතුරු එක්රැස් කිරීමට සංගණනයක්

එළඹෙන 2024 ජනවාරි මාසයේ දී රු. මිලියන 870ක පමණ දැවැන්ත වියදමක් දරා දීප ව්‍යාප්ත සංගණනයක් සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ජාත්‍යන්තර සංක්‍රමණික දිනය අදට (දෙසැම්බර් 18) යෙදී ඇති අතර එය සැමරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික සංගණනයකින් පරිභාහිර සංගණයක් වන මේ හරහා විදෙස්ගත වී ඇති සියලු දෙනාගේ තොරතුරු එක්රැස් කිරීමට නියමිත වේ. එහිදී සිථිර පදිංචිව සඳහා විදෙස්ගත ව ඇති, අධ්‍යාපනය සඳහා විදේශයන් වෙත ගොස් තිබෙන, එසේම රැකියා සඳහා විදෙස්ගත වී සිටින සියලු දෙනාගේ දත්ත ලබා ගැනීමට කටයුතු කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

“ජනවාරි මාසයේ මිලියන 870ක විතර වියදමින් දීප ව්‍යාප්ත සංගණනයක් අපි ක්‍රියාත්මක කරනවා, විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන්ම. මේක ජාතික සංගණනයට පරිභාහිරව ගිහිල්ලා කරන්නේ. මේකට රාජ්‍ය නිලධාරීන් 12,000ක් එක මාසයකට සහභාගී කරවා ගන්නවා. අපි විශ්වාස කරනවා මිලියන 3ක් අපේ විදේශගත ශ්‍රමිකයෝ ඉන්නවා, විවිධ විවිධ විදයට ගිය. අපි බලාපොරොත්තු වෙනවා මාස 1 1/2ක් වගේ ඇතුළත මේක ඉවර කර ගන්න, පුළුවන් තරම් උපරිම රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් යොදවලා. ඒකට ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක හදලා ඉවරයි. ප්‍රශ්නාවලි හදලා ඉවරයි. ඒක හරහා අපිට සම්පූර්ණ දත්ත පද්ධතියක පහසුකම අපට ලබා ගන්නට පුළුවන් වේවි. පිටරට ගිහිල්ලා නතර වෙලා ඉන්න අයගේ, පිටරට ඉගෙන ගන්න ගියපු අයගේ, පිටරටට කොහොම හෝ සංක්‍රමණය වෙච්ච සියලු දෙනාගේ, මේක ශ්‍රමිකයින්ගේ විතරක් නෙමෙයි. සංක්‍රමණිකයන්ගේ දත්ත ලබා ගැනීම මේක හරහා සිද්ධ වෙනවා. ඔවුන්ගේ ගෙදර තත්ත්වය මොකකද්, ඔවුන්ගේ දරුවන්ගේ තත්ත්වය මොකක්ද හොයන්න මේක අපට මහත් උපකාරයක් වෙනවා“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Exit mobile version