Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන 27ක්

රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන 27ක්

රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන 27ක්

රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිව මගහරිනවා නම් ඊට විරුද්ධව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය.

ආදායම් බදු එකතු කරගන්න ෆයිල් දාහක් ගෙන බැලුවොත් ඒ දාහටම උපදෙස් දෙන වරලත් ගණකාධිකාරී ආයතන 27 තිබෙන බව කී මාරසිංහ මහතා මෙලෙස රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන විසි හතේ නිලධාරීන් ගැන මාධ්‍යවේදීන්ද සොයා බැලිය යුතු බව පැවසීය.

බදු හංගන ආකාරය, ලාභ නොපෙන්වා සිටින ආකාරය පිළිබඳ උපදෙස් දෙන්නේ මේ ආයතන විසිහත විසින් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ යැයිද ආශු මාරසිංහ මහතා කීය.

බදු අදායම් ලබා ගැනීමේ ආයතන වන රේගුව, අදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු මගින් බදු අදායම රැස් කර ගැනීමේ හැකියාව වර්ධනය වී තිබෙන බවද මාරසිංහ මහතා කීය.

Exit mobile version