Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මතයි

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණයි.
එක් අයෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී සිට තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මස 13 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට පසුදින අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළ අතර එය දින 7ක් පුරා ක්‍රියාත්මක වුණා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඉන් අනතුරුව පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 45කින් සම්මත වුණේ පසුගිය මස 21 වන දිනයි.

ඊට පසුදින අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණා.

Exit mobile version