Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සක්විති රණසිංහට ලක්ෂ 18ක දඩයක්

සක්විති රණසිංහට ලක්ෂ 18ක දඩයක්

සක්විති රණසිංහට ලක්ෂ 18ක දඩයක්

මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ(12) නියම කළේය.

රුපියල් ලක්ෂ 18 බැගින් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් විත්තිකරුවන්ට නියම කළේය.

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට සක්විති රණසිංහට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා කරන කොට තිබූ අතර ඒ සඳහා ආධාර අනුබල දුන් බවට සක්විති රණසිංහ මහතාගේ බිරිඳට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර යුවළ අධිකරණයේ පෙනී සිටියහ.

Exit mobile version