Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරය පිලිබඳ ඊශ්‍රායලය කලින් සිටම දැනුවත්දැයි අධ්‍යයනයක්

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සහ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරුන් විසින් සිදු කරන ලද නව අධ්‍යයනයකට අනුව, ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයට ආසන්න පෙර දිනයන් වලදී බොහෝ ඊශ්‍රායල කොටස්වල කෙටි විකුණුම්වල (short selling) කැපී පෙනෙන ලෙස වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සොයාගෙන ඇත.

නාඳුනන ආයෝජකයින් ඩොලර් බිලියන ගණනින් උපයාගත් – 2008 මූල්‍ය අර්බුදය, COVID-19 වසංගතය සහ 2014 ඊශ්‍රායල-ගාසා යුද්ධයේදී දැකගත හැකි මට්ටම් ඉක්මවා ගිය මෙම අසාමාන්‍ය වෙළඳ ක්‍රියාකාරකම්, සමහර ව්‍යාපාරිකයින් ප්‍රහාර පිළිබඳ පූර්ව දැනුමක් තිබිය හැකි බව යෝජනා කරයි. ඊශ්‍රායල බලධාරීහු පවසන්නේ ඔවුන් එම ප්‍රකාශයන් පිළිබඳව විමර්ශනය කරන බවයි.

SEC සහ FINRA වැනි නියාමන ආයතන මේ පිළිබඳව කිසියම් විමර්ශනයක් කරන බව නොපෙනුනත්, දැනුවත්ව වෙළඳාමක් සිදුවී ඇති බවට ප්‍රබල සාක්ෂි ඇති බව යේල් නීති මහාචාර්ය ජොනතන් මැසි සොයාගෙන ඇත.

හිටපු SEC කොමසාරිස් Robert Jackson Jr. සහ Joshua Mitts සම කතෘත්වය දරන “ත්‍රස්තවාදය මත වෙළඳාම් කිරීම?” (Trading on terror?) යන මාතෘකාව යටතේ පළ කර ඇති පර්යේෂණ පර්යේෂණ පත්‍රිකාවේ, MSCI Israel ETF හි ප්‍රහාරයට දින පහකට පෙර සිදු වූ නියාමනය නොවූ ගනුදෙනු (off exchange trading) සියල්ලම පාහේ කෙටි විකුණුම් සම්බන්ධ ගනුදෙනු බව අනාවරණය වි ඇත. කෙසේ වෙතත්, මෙම ගනුදෙනු හමාස් සංවිධානය සමග සෘජු සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කිරිමට හදිසි නොවන්නැයි ද කතුවරුන් කියා සිටී.

තවමත් සම සමාලෝචන්ට (peer review) භාජනය වී නොමැති අධ්‍යයනයෙන්, ප්‍රහාරයට පෙර ටෙල් අවිව් කොටස් වෙළඳපොලේ කෙටි විකුණුම්වල පෙර නොවූ විරූ වැඩිවීමක් සොයා ගන්නා ලද අතර එය අනෙකුත් ප්‍රධාන ජාතික සිදුවීම් වලට ද පෙර දක්නට නොලැබුන තත්වයකි.

ත්‍රස්තවාදීන් සහ අභ්‍යන්තරිකයින් නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් ලාභ ලැබීම වැළැක්වීම සඳහා සැකකටයුතු වෙළඳ රටා විමර්ශනය කිරීමේ වැදගත්කම කෝනෙල් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය චාල්ස් වයිට්හෙඩ් අවධාරණය කරයි. #CGTNAMerica

පරිවර්තක සටහන:
කෙටි විකිණීම් (short selling) = දැනටමත් තමන් සතුව නොමැති භාණ්ඩ හෝ සමාගම් කොටස් විකිණීම. දින කිහිපයක් තුළ මෙම කොටස් මිලදී ගෙන ගැනුම්කරුවා ට ලබා දිය යුතුයි. ඉතා කෙටි කලකින් කොටස් මිල අඩු වේ යැයි බලාපොරොත්තු වන ගනුදෙනුකරුවෙක්, අදට අදාල මිලට අදම සමාගම් කොටස් විකුණා, කොටස් මිල පහළ ගිය පසු මිලදී ගෙන ලබා දිය හැකියි.

Exit mobile version